Picture
Hoisting clay water potts
Pottery is not a new trade to Sri Lanka ,hence it is one of the oldest handicrafts in Sri Lanka . This industry has been continuing to exist since very beginning of Aryan Sinhalese civilization of our country. The simplicity of the these utensils is the base of our pottery industry. But sometimes this crafts elaborate the clay pots by its intrinsic taste of our creative folks. So water pots play a major role in rural villages and it has tightly bound with the mistress of the home and well. In past it was a well known fact that the water well was the place where all the women meet and gossip. They sung songs to exaggerate their precise clay pots to others.


"Kalagedi Gee" in Sinhala (කළගෙඩි ගී)

1)තාන තනා තම්දේ ...නා තම්දේ නා නා
  තෙතන තනා තම්දේ ...නා තම්දේ නා නා//

  අහසට පිඹිනා එරන්                  කළේයා
  පොළොවට පිඹිනා භුමි              කළේයා
  රන්මසු දහසක් වටින                 කළේයා
  නොබිදින් නෑනෝ මගේ            කළේයා

  ලත් පමණට මැටි ඉදි                කරවාගෙන
  කන් පිදලා කළ ගෙඩි               තනවාගෙන
  ඇත නෑරම කළ ගෙඩි               තෝරාගෙන
  සිත් සතොසින් කළ පිඹිනට      වෙන වෙන

  තාන තනා තම්දේ... නා තම්දේ නා නා
  තෙතන තනා තම්දේ... නා තම්දේ නා නා //

2)තාන තනා තම්දේ ...නා තම්දේ නා නා
   තෙතන තනා තම්දේ ...නා තම්දේ නා නා

   පේලි සැදී අඟනෝ සරසීලා
   නීල වරල කුසුමින් ගවසාලා
   කෝල නොවී සභ මැදට වැදිලා
   බාල ලියෝ කළ පිඹිති සැදිලා

   ඔපලුවේ රන් මාලේ කර ලා ගෙන
   රුවැති වළලු ගෙන දෑත දරාගෙන
   ඔසරි පොටින් තන රණ හස බඳිමින
   පිඹින කළේ ගෙන දෑත දරාගෙන

   තාන තනා තම්දේ ...නා තම්දේ නා නා
   තෙතන තනා තම්දේ ...නා තම්දේ නා නා

3)තාන තනා තම්දේ ... නා තම්දේ නා නා
   තෙතන තනා තම්දේ ... නා තම්දේ නා නා

   වතේ එපුන් සඳ මෙන්       බබලාවි
   අතේ වළලු මෙන් සභ නද     දේවී
   නෙතේ අඳුන් ගා සිනහ        කරාවි
   අතේ කළය ගෙන නැටුමට       ඒවි

   වසා තිසරු සම තනා දිලිසෙන්නේ
   ගසා රබන් බෙර නාද කරන්නේ
   තොසා වෙමින් සභ මැදට දුවන්නේ
   පුරා දෑත කළ ගෙඩිය පිඹින්නේ
  
   තාන තනා තම්දේ ... නා තම්දේ නා නා
   තෙතන තනා තම්දේ ... නා තම්දේ නා නා







Poorni
12/16/2021 07:47:02 pm

Thawa dnna

Reply
Sk
6/13/2022 08:51:01 pm

👍

Reply
ak
7/26/2022 07:07:34 am

thankyou.




Leave a Reply.


UA-37306614-1