Picture
Sandesha kawyas means simply a massenger poem ,which have got a peculiar charm. This poems tend to feature a pair of separated lovers, message to a king,or a massage to a particular person. The messenger finely drawn description of the route to be travelled and it was delivered by a special bearer it may be a pigeon,swan,parrot, kokila or salalihini. Kālidāsa’s Meghadūta is the first and most famous Sandesha kawya. It well emphasis that these “sandesh kawya” have been originated in india and thereafter it was distributed to the sri lanka. All poems of the “Sandesha Kawya” have the same block. The messenger of every Sinhala Sandeshaya is a bird and one is only a slightly different from another. All the massages of “Sandesha” have got a common ritual of, invocation and welcome to the courier; praise of courier; mention of the recipient of message; elaborate eulogy of city departure and its lord; instructions on how to start errand; stating the itinerary and connected details; subsequent description of recipient's place of residence and recipient; thereafter directing him on how to convey the message with a final blessing on messenger.
Though there are having several “Sandesha Kawya” in sinhala see gee ,we are going to describe one of most famous “sandesh” the “Kokila Sandeshaya” .”Kokila Sandeshaya” is one of the oldest Sandesha kawya which is found in our literature among the oldest 8 Sandesha kawya. It is in the position of 5th place & before that “Mayura sandesha” , “Thisara sandesha” , “ paravi sandesha”, & “Salalihini sandesha” have been written. Other 3 main Sandesha kawya after the Kokila sandesha are “Gira sandesha”, “Neela kobo” ,& “ Kahakurulu sandesha” . This sandeshaya was written in the period that Siri Parakumba ( 6th Parakumba ) reign in the kingdom of “Kotte” .In that occasion there was a rebellion in “Yaapa patuna” (to day it is jaffna) & prince Sapumal bandara was sent to overwhilm the problem. So it is believed that this Sandesha was written in that occasion of prince Sapumal dominate the Yaapa patuna and this Sandeshaya is the longest Sandesha in our literature as the courier had to fly for a long distance from the Devinuwara to Dambakola patuna.




"Kokila sandesha " in sinhala (කෝකිල සංදේශය)

1.   සැරදෙ කොවුලිඳු
      සඳ සර සිර අමා රස සේ
      තුනු සිරිනි නිලුපුල තුල්
      ලැබැ පුල් අමා රස සේ


2.   සර දෙන ලකුණු රැඳි-රතු නෙතිනි යුතු මමිතුර
      හිවි සල් සයුරු මල් සේ සත් සෙබෙර
      සුවි සල් නව වසතිඳු දිය මිහිඟු ‍බෙර
      පරපුර වදන තුම - රනකුරු කළ කිරුළ මෙර


      නළා ගෙනැ වෙතින් පිඹි වෙනුට සර මදිනේ
      නළා කරන කැල්මෙන් සහද පිය නදින්
      පුන් සඳ සුරිඳු සඳ සලකුණ අදඳින වර
      බන සොඳ තෙලි තුඩෙව් තෙල තුඬිනි මන හර
      මින් දද ජය විරිදු නද කරන පියකර
      අන් කො ද මෙ දිය තුර තොප සරි වන පවර



3.   මෙ ලෙස පසිදු වන ගුණ මුහුදු තුල්ලා
      ඇ සැ ස රසදුනෙව් සිය තුනු සුනිල්ලා
     පි වි ස සරන වන අඹ දළුව ලොල්ලා
     වෙසෙ ස අප‍ට සැප ත දැකුමැ කොවුල්ලා



4.  මිතුරු තු‍මෝ පෙරැ බැඳි මිතුරු දම් තර
     මතුරු ලෙසින් නො හරිති දෙන ඉසුරු බර
     සිතුරු වනෙව් සිතුවා සිදු කරන වර
     මිතුරු එයින් ම තෙපල ත සවනත පුර



5.   නො ලැගේ කනට සිනිඳු වැ ගිරවුන් වදන
      නැ ස ගේ දුරැ ඇසෙයි නද සැල ලිහිණියන
      හැ ම ගේ ළ ගෙනැ පවසන මියුරු තෙපුලෙන
     නො හැ‍ඟේ මෙ තතු කීමට තොප මිසක් වෙන


අරුත සරල බසින්
1.   අමාවට ( අමෘතයට) බඳු රසවත් ස්වර සම්පත්තියක් ඇති (හෙවත් හඬ සැපතක් ඇත්තා වු). සිරුරේ හැටියෙන් මානෙල් මලට සම වන කොවුල් රජ උතුමාණෙනි. සේවනයට සුදුසු වු මල් මුවරඳ රස බලමින් දිගු කලක් ජීවත් වන්න.

2. මිහිරි නද දෙන ලකුණු රඳ පවත්නාවු, රන් පෑ ඇසින් යුත්වු, උස් වැ නැඟී සිටිනා සල් (මල්) මී අඹ මල් සේ සත්,සෙමෙර වු ඉතා පතළ අලුත් වසත් කල් නැමැති රජුගේ ජය පළ කරන මිහිඟු බෙරය වු, වොටුන්න, මෙර රන් පැළෑටි කළ සේ පළ කරන කටින් කටැ පැවැතැ එන්නා වු, උතුම් පුවතක් ඇති,කලෑවෙන් බට දඬු ගෙනැ (නළා) පිඹි වෙන් (විෂ්ණූ) දෙවියාට, පැහැයෙනුත් උපතින් මැ ලද මිහිරි නදිනුත් වෙහෙස පමුණුවන, සක් දෙව් උතුමා පුරා හඳ මැද්දේ සා ලකුණු අඳින් දී (තෙලි කූරට) බැඳැ මනා වු තෙලි තුඩු වැනි ඔය තුඩින් සිත් ගන්නා වු ,අනංගයාගේ ජය ගැනැ තුති පැසැසුම් නද කරන්නාවු ,පිය කරුවු, මා යහළුව
මෙලෝ තුළැ උතුම් වු තොපට සම වන්නා වු අනෙක් කවර එකෙක් වේද?
කවර අතින් බැලුවත් කොවුලා අසම වු උතුම් එකෙකි. මෙලෝ කුසේ ඌට සරි වන අන් එකෙක් නැත්තේයි.

3. මෙ (කියු) අයුරින් පසිදු වන්නා වූ, ගුණෙන් පිරි මුහුදක් වන්, ඇසක් ඇසක් පාසා රස අඳුන් වන් වූ තම සිරුරේ තද නිල් පැහැය ඇති, අඹ දළුවට ලොල් වැ වන වැදී එහි ගැවැසෙන කොවුල, අපට වැඩි මැ සැපත නම් තා දැකීමයි.

4. මිතුරු උතුමෝ හෙවත් උතුම් යාළු‍වෝ ආදී සිට බඳිනා ලද දැඩි මිතුරු දහම සැපත් මහ රැසක් දෙන මන්ත්ර යක් පරිද්දෙන් නො හැරු රකිති. . පෙරු සිටැ බැඳි දැඩි යාළු කමත් සැපත් සලසන්නෙකි. උතුම් යාළුවෝ ඒ යාළු කම අත් නො හරිති. සිතු මිණ නම් සිතූ පැතූ සැපත් දීමෙන් සිතුවා සිදු කරන බව කීයේ ඌ ඒ අයුරින් පසසා තමන් සිතූ දැ වන අස්න ගෙත ගොස් පැවැසීම ඔහුගෙන් සිදු කරවා ගන්නට යි.

5. ගිරා කට හඬ රළු යි, එ හෙයින් කනට සිනිඳු ව වදිනවා වෙනුවට ඒ කන් කා වදී. එය අසන්නා ගේ කනට පීඩාවෙකි. ඒ නිසා මෙ කටයුත්තේ ගිරවා සුදුසු නො වේ. සැලළිහිණියා උපතින් ම ගැඹුරු වූ හෙවත් දුරට පැතිරී යන මග ගොස ඇත්තෙකි. ඌ කියන දැය ඇසියැ යුතු තැනැත්තාට පමණක් නො ව දුරෙහි වූ සෙස්සවුන් හට ද ඇසේ. එ හෙයින් ඒ මග කරදරයෙකි. කොවුලා මියුරු සර (මධුර ස්වර) ඇත්තෙකි. එ හෙයින් මෙ කටයුත්ත පැවැරීමට කොවුලා ම මිස වෙන එකකු ගැන අසුන් කරුට හැඟීමක් නැති බවයි.

Click this link to more information :-කෝකිල සංදේශය 

 
Picture
It is well known fact that astrology,chams,& amulets have been used by our forefathers for a long time.They were spent their lives according to the word of Lord Buddha and astrology were used only to have a successful life. It is a traditional custom that the beginning of a work at a auspicious time.Still it is not revealed completely that the books which were used to teach the students in the past.But according to the "Bamunasa" method ,the "Gana devi halla" has been used at the beginning of the day. The author of the book is still anonymous ,there is a hypothesis that this book was written after the invasion of Portuguese.

"Gana Devi Halla" (ගණදෙවි හෑල්ල)
ගණපති දෙති නුවණ
මිහිකත රකියි මෙ දෙරණ
දෙන්නේ මට නුවණ
අසන් දෙවියනි මේ දේවගණ

ගනඳුරු දුරලවන්
නුවනින් නිපුණ කරවන්
මෙ නරලොව දිනවන්
සසිරි ගණදෙවි නුවණ මට දෙන්

පුදම් ආලංගා
සිතසේ කෙරෙයි අංගා
මව ද උමයංගා
වඳිම් ගණදෙවි දොහොත් නංගා

ගණදෙවියන් නුවණ දෙන්න
සරස්වතී පහළ වන්න
සියලු රෝග දුරු කරන්න
නිතර වඳිම් තුනුරුවන්න

සූරිය කුල තෙද උතුමා
පෑවිය සක්වලට හැමා
කාරිය සිතුවාට තමා
සූරිය දෙවි නමෝ නමා

ඊශ්වරා ලෙසින් තමා
ශාස්තරා දී නො පමා
ආස්පුරා ඇවිද නමා
භාස්කරා නමෝ නමා

චන්ද්‍ර සහෝදර උතුමා
චන්ද්‍ර කටක පැවති තමා
සව්සිරි දී රකු මෙ තුමා
චන්ද්‍ර සුරිඳු නමෝ නමා

නිත්ත ඇවිද මෙර වටමා
සිද්ද කරන ලොවට හැමා
උත්තම ගුණ නුවණ නමා
සත්තලෝක නමෝ නමා

ඔදැති තෙදැති සමාගමා
අරිති අරිති අඳුර තමා
දෙවති දෙවති නුවණ තමා
ජයතු ජයතු නමෝ නමා

ගණිසුරු මහසෙන් කන්දා
ගෙන අඩයටි සුරතින්දා
දෙමි කී අඹපල සන්දා
මෙ විකුම් කුමරුගෙ කන්දා


ඉසුරු උමා කී බසෙකින්
මයුරාසන පිට නැගෙමින්
සක්වල වට දිවි සැනෙකින්
සරණත කර මම නමදිම්


Read more:-ගණ දෙවි හෑල්ල
 
Picture
In ancient time some of Sinhala books were written based on the book of"Jaathaka Katha".Guththila kawya is the second book which was written based on the Jaathaka katha in the kingdom of Kotte. Guththila jaathakaya the 235th story in the book,was the source for "Guththila kawya".
  The author of the “Guththila kawya” is anonymous ,but according to the folklore still it believes that this was written by venerable “Vaththave thero”.It is well known fact that this thero was the pupil of venerable “Thotagamuwe Rahula thero” and by the time this “Vaththave thero” was cut-off with his teacher and had been departed from the shrine. Later “vaththave thero”wanted to emphasis that he wasn't a conspirator by writing the “Guththila kawya”. According to the book ,there has been mentioned that the prime minister of the 6th “parakumba” had been sponsored to write this book who is named “Jayapala”. The main two characters of the “Guththila kawya” are a master “Guththila” who is superior in “Veena” and his apprentice “Musila”. Except the exaggeration of beauty of the city, basic informations of the Guththila and Musila,the contest between these two,and the victory of Guththila has been well presented by the author.



Guththila kawya in sinhala

1. සිය පින් සිරින් සරු සිතුමිණි බදුරු කළ දෙතිස් ලකුණෙන් විසිතුරු කළඹ තිළිනෙන් පසු කළ කෙලෙසුන් කෙරෙන් දුරු   පුරණ දන මන දොළ වඳිමි මුනි උතුමන් තිලෝ -ගුරු තමා සුරත ම සුර තුරක් කළ
2.සපුරා දස පෙරුම් විඳිමි යි සග සැපත් පළ කළ බුදුව මනරම් නොවමි යි ආවා බිය පත් හරණා බව බිරම් කෙරෙමි යි මොක් සැපත් වඳමි අදරින් අනඟි සදහම් පතා ලියවු දහම් ලොත් පත්
3.තමන් පද වන්දන දුටු දුටු දනන් සිතු කළ පමණකින් නන්දන තුටු කරන සව් සිරි යුතු නිවන් සැප වින්දන සමඟ මල් පොල් වතු වඳිමි මහ සඟන මුනි - නන්දන ගෙවල් කරවා දෙමින් සඟ සතු
4.සුගත් මෙත් බෝසත් පිරිසිදු යස සඳුන් විදුරත් ත්නෙත් පියුමත් දිගැ තුන් කුඹු අලෙව් දුන් ගහනත් තිනෙත් - පුත් දුසිරිත සිත නුදුන් මෙ සත් සුරසත් ලොවට සෙත් දෙත් සලාවත ජයපාල මැතිඳුන්
5.මුනි පද උතුමඟේ බැඳි කිවියර බසි තෙවළා දහම් දිවගේ මුනිඳු සිරිතක් වෙසෙසි ජය සිරි මඬලගේ ඇසියටි අදහසි සැදු පැරකුම්බා නිරිඳුගේ කෙළෙන් ආරාදනා සතොසි
6.මෙත් කුළුනෙත් දැවැටී දෙන සග සැප න යසසින් ගුණෙන් නොකිලිටි සිහි කළවුනට මො හළ රුපු රුදු අරිටී මොක් පුර මහ සියල් සිරි ලක අග මැතිවැ සිටි කියම් මුනි රජුගෙ පෙර සි
7.අදිකරණෙහි පසිදු පෙර මහ කිව්වරණ රජ නීති දත් පිරිසිදු පැවසූ තිලෝ ගුර බණ සඳහම් කළ පුරුදු මම මගෙ නැණ පමණ වෙළෙඳ කුළඹර පුන්සඳක් පඳු කිමි වරදෙක් වේ ද කි කරුණ
8.පර සතු මලින් පුද සුරඟන ගත් ‍ සෙමෙර ලද මුනි සඳුට දිය නද දිදුලෙන් දිලෙන හැම වර වන පස මලින් පුද සිරි බර තුසී පුර කළ යි පවසනු කවර වරද ද ඉපිද විඳ සුර ඉසුරු නොවිතර
9.ඉන් මුනිඳු සිරිතින් හිමි සඳ නුඹ විසින් රැඳි ම බසසා සතතින් බුදු වන කැලැ යි වෙසෙසින් නුවණැතියෙනි බැතින් බඹ සුර සෙන් ගොසින් බිබී තුටු වවු සවන් දෝතින් අයැදි සඳ බඳැඳිලිව සතොසින්
10.සිරි කළැකි සගහා තෙදින් දිනි ඳාණන් මිණි රැසිනි දිගත ගහා සක කුල සිඳු සඳාණන් බබලන මහ ගහා සිරින් සුරිඳාණන් පවර නුවරෙක් වී රජගහා නිසා ස්දො වුන් මහ රදාණන්
තව දුරටත් කියවන්න.:-click here
 
Picture
The simple meaning of the “Prashashthi” is the exaggeration.“Prashashthi gee” was sung in front of the king in the king's councils of ancient time to exaggerate the power and valor of the king. There were a group of singers they were specialized on singing these songs are called “Wandhibhatta”. These songs were capable of expressing the power,exploit,skills in the battlefields,generous,wise and the amiable of the kings and lords. There can be seen several fiction stories,which were written based on these exaggerations,they are “Parakumba Siritha”, “Sri Naamaya”, and “Parangi Hatana”.Historical books revealed that ,some percussion instruments like “Udakki”, “ Pantheru”, Drums, and “Hand drums” were used to sing. According to the folklore kings were granted immense treasures ,and ranks those who sung the songs. Melodies of these songs were created by south indian musicians,because on that occasion our kings had a strong relationship between south india and Sri lanka. But there are few songs   which are related to the Gami gee ,in the era of Kotte and Mahanuwara found as “Dunuwila hatana”, “Parakumba siritha”. 

"Parakumba siritha"(පැරකුම්බා සිරිත)
           Author of the "Parakumba siritha" is not obvious as many believes that this was written by venerable thero "Rahula' & some believes it as "Sri raama chandra kavi bharathi". But some of the sociologists argue that this was written by  a women of harem.This Prashashthi  exaggerate the king of 6th Parakumba who reigned in 1412 was well famous even foreign countries.
below contains only some poems of "Parakumba siritha ".

දකුතු මෙ නිරිඳු නුවන් ලත් පල ලැබෙයි සිතුවොත් දුක ඇරේ
නුමුතු රස බස් ඇසුව දෙලොව මැ සැපත් පැමිණෙයි අරතරේ
දිමුතු යස තෙද නුවණ ගුණ කිව කැමති යම් දෙය සිදු කෙරේ
අමුතු බැඳි පද කියම් එබැවින් අසව් වියතුනි            සබතුරේ


මතඟ නැඟුමට සදිසි වසුදෙව් සියලූ දුනු සිප් දොණැදුරාම       යැ
තුරඟ නැඟුමට නකුල රද කග සිපට සහදෙව් පරසුරාම         යැ
සමඟ සියුසැට නකුල රද කග සිපට සහදෙව් පරසුරාම          යැ
මෙරඟ සරිකොට සදිසි නිරිඳෙක් මෙකල පැරකුම් ලකිසුරාම යැ


මෙලෙස තෙද බල මහත් අණසක ඇති රජුන් කුලැ   පිවිතුරු
සවුළු විජබා නිරිඳු පිත් පැරකුම් රජුන් හට              මුණුබුරු
ලැමැ‚ ජයමහලෑන හිමි පුර තුරු වෙළූ රන් ලිය            යුරු
සුනෙත් මහ දෙවි බිසෝ හිමිලත් රජ රුවක් සොඳ     බුදුකුරු


පින්සර පැරකුම් නිරිඳුගෙ     සිරිමත්
දුන් කොකුමඟරා උරැ මුතුහර   යුත්
රන් මෙර ගිරි මැද පිළිබිඹු සේ  පත්
මෙන් තරු වැල බැබළි‚ සැඳෑ  රාපත්


බන්දා මින් දද අරවින්දා සර ලා සරයා                       නේ
මන්දා නිල තුරඟුට නැගෙමින්දා වියොවග නංවා        නේ
චන්දානල ලෙස විය නෙත නින්දා නොලදිමි තනියා   නේ
කැන්දා වර පැරකුම් නරනින්දා සකිසඳ සඳපා            නේ

"Parangi hatana" (පරංගි හටන )
       The background of the "Parangi hatana " is the battle between Portuguese and the kandian king "Rajasinghe". There are lots of opinions that this verses were written by either "Alagiyawanna mukawatithuma" or "vewaldeniye mohottala". However some believes that this was written by a "Wandhibatta".

1. පො ත ත් නීල ගෙලෙ නැබ සිරි සරණ ත
   කො තත් කාල කර හිමකිර කිරණ      ත
   දි ග ත් පාල හැම සුර සහ මෙදිය          ත
   දි මු ත් රාජසිහ නරණිඳු රැක දෙ          ත


3. ගිරිනිඳු තිර ගුණ යසසින්        පිරිනිඳු
    සුරනිඳු සිරිසර තෙදනින්       කිරනිඳු
    පිරි සිඳු ගුණ රැඳු රජසිහ       නරනිඳු
    සිරිනිඳු සිරිනිඳු සිරිනිඳු          සිරිනිඳු

5. වි කු ම ට සිරිහිමි සැප සුරනිඳු    මය
   රු සි ර ට මද තර ගුණ ගිරි රඳු    මය
   ය ස ස ට සඳු බුජ බල කුමරිඳු      මය
   මෙ රඟට සරි රජසිහ නරනිඳු     මය



2. සිරි සර යස වර කුලඹර කිවිය    ර
   පුර ඳර උර හර හිමකර සියක     ර
   දින කර කුල වර රජසිර නරව    ර
   සිරි සර විඳ දින සෙන්කඬගල පු  ර


4. සකලා සැපතින් වාකුමෙන්     සකලා
    සකලා සඳ සිරි යස සිරි          සකලා
    සකලා දැනගත් මොහු නැණ  සකලා
    සකලා සිරි විඳ දින දින          සකලා

6. ම න් මැඩ මොල රුපු නිරිඳුන් නොපැකි  ල
   මෙ න් තුඩ ක ළ බඹ මුදුනත යස දු         ල
   සෙ න් ක ඩ ග ල රජසිහ රජු රිවි කු       ල
   පි න් පි ඩ තු ල ලෙව් සත කළ පෙරක    ල



UA-37306614-1