Picture
People sing this kind of folk songs to achieve good things and avoid bad things in their life. It is also expressing innermost feelings and faith. The main purpose of ''Yaagahoma gee" is to wishing luck to people in the different part country.There are several types such as "Udarata Yaaga Gee","Phatharata Yaaga Gee" and ''Sabaragamu Yaaga Gee''. This type of folk song also includes "Pahatharata Gurulu Sayudama","Pahatharata Patthini Sayudama" and "Pahatharata Sayudam".

"Udarata yaaga gee" in sinhala (උඩරට යාග ගී )

පොල් මල පිපුනේ පතු වල රුවටා
මල් යහනාවේ සැතපෙන කලටා
සබරන් බොන්දිය අරගෙන අතටා
හිරුගල් බණ්ඩාර පිහිටයී අපටා ..........//

දෙනෙත වසා තිබු සළුපට රැගත් අතා
නොදැන දමා ගැසුවයී ඊන් වරද ගොතා
එදින නොගොස් හිමි සද නුබ මෙහි නවතා
වෙන්ව යන්න කිමද වරද මෙමගේ අතා........//

දිගු වරලේ පැසුණු කලේ
වැදුනි කැලේ සුදු සෝම රජුන් කල
යස නිමවේ මුනිදු නොවේ
ඇති සිහිවේ අනුහස් පෙරුමන් බල
එතෙර බලේ පාවෙ කලේ
නිසි වරලේ දිගු පින ඇත්නම් කල
ඇදපු ජළී එවසි  ගලේ
අද මේකාලේ සලසමි ජය මංගල

 
"Sabaragamu yaaga gee" in sinhala. (සබරගමු යාග ගී)
  මුනිතනී  බෝසත් අනේ
  පෙර එපදුනේ ගිරවෙකු මෙනි .......//
 අඳ උනී දෑසම අනේ
  මව් පිය සෙනේ සිටිනා තැනේ .....//
  නෙතකිනේ  කරලුත් ගෙනේ 
  මිටි බදිමිනේ දිවි රකිමිනී.....//
  දොරලුවේ   සත කීමේ
  මුනි ගුණ දැනේ බුද දින නේ .....//

"Pahatharata Gurulu Sayudama" in sinhala

තෙන නම් තෙන තෙන තෙන තෙන නම් තෙන
තෙන නම් තෙන තෙන තෙන තෙන නා
නන්ද පනන්දන ණ රජ සමයෙහි
වෙසතුරු මුනි බුදු වී  වැඩ උන්නේ
කරුණා යුග  මහා සහ අග සව්
ගෙල සියයක් උස  ගුරුලෙකු වැන්න

ගසක් උයන් ගිය මකරකු විලසින්
ගොස් අප මුනිදුන් වෙතට වඩින්නේ 
ඔන්න එදා ගැයූ ගුරුලා සව්දම 
ගතබු ලෙසින් තව පවතින්නේ

තෙන නම් තෙන තෙන තෙන තෙන නම් තෙන
තෙන නම් තෙන තෙන තෙන තෙන නා 

දොන්ත තහුර තත්තා තත්ත තහුර තිත්තා
ගුරුළු ගුරුළු මහා මුගලන් සිරිපද
තාත්තත ගිරෙකින් මහමෙර සත් පට
වැටකුළු දිත්තිට නන්ද පනන්දන
අද නඩ කිනයෙන් අනෝතත්ත විල
වන්නක නාරජ පෙනෙන් වසා සිට
අදුන්න නදුන ජිනී ජිනිත්ත   දිනි  දිනි තා

දොන්ත තහුර තත්තා තත්ත තහුර තිත්තා
ගුරුළු ගුරුළු මහා මුගලන් සිරිපද 
තත්තෙට මහමෙර වෙටෙකුන්  දික්කිට
නන්ද පනදය  අද නඩ කිනයෙන්
අනෝතත්ත විල පෙනෙන් වස සිට
වන්නක ණා රජ පෙනෙන් වස සිට
අදුන්න නදුන ජිනී ජිනිත්ත   දිනි  දිනි තා

"Pahatharata patthini Sayudam" in sinhala

මෙතිනින් දන මන නයන පිනවන
දුසිරිත් දෙවගනක විලසා
පතිනි සුරිදුට ලමැද කියනෙමි
නරන් හට සෙත් දෙන ලෙසා
පතිනේ ඝන රන් සලබ අරගෙන
නරක් උවදුරු හරින විලසා
පත්තිනි සව්දම නටමි  අද දින මේ සබේ මද පුදුම විලසා

තත් තිත් තෝන් නම් තල උදාර ය
විමනක සව දම් දෙවි හර්ද පාදය
චන්ද්‍රවතිදේ ඉන්ද්‍රනීල මිනි
විමනක සුරුලුවනේ
තක  නං දෙහිකිට ජාලක විනොදර
ගත්තේ රත්රන් සලබ  අතේ
සෙත් සිරි  දෙවනා පත්තිනි කරුණා
අඩි කුඩ පඩි  පුර ජේනුක තත් තරි
තාහක ජේජ් ජේන් තා
නටමි මම  පත්තිනි සුර සව්දම්................//

"Pahatharata Sayudam" in Sinhala

තෙනෙන තෙන තෙන තෙනෙන තෙන තෙන තෙනෙන තෙන තෙන තෙනතෙනා
තෙනෙන තෙන තෙන තෙනෙන තෙන තෙන තෙනෙන තෙන තෙන තෙනතෙනා

මෙතින දන මන නයන පිනවන
දුල් සිරිත් දෙවගනක විලසා
පතිනි සුරිදුට නැමද කියනෙමි
නරන් හට සෙත දෙන ලෙසා
අතින දබරන්  සලබ අරගෙන
නරන් උවදුරු හරින  විලසා
පතිනි සව්දම් නටමි අද මම
මේ සබේ මැද පුදුම විලසා

තා දී තෝන් නම් තාල උදාවය
හිදනෙක සව්දම් හර්ද දෙවි පාදය
චන්ද්‍රවතිගේ එන්ද්‍රනීලවන විමනක සුරුලුවනේ
තානම් තෙනකිට විනක විනෝදන
රත්තුගේ රත්රන් සලබ අතේ
සෙත්සිරි දෙවනා පත්තිනි කරුණා
ජේනුක තත් තරි අජී උද පඩි තුර
තාත්ත ජෙජේ ජෙජෙන් තා 

තෙනෙන තෙන තෙන තෙනෙන තෙන තෙන තෙනෙන තෙන තෙන තෙනතෙනා
තෙනෙන තෙන තෙන තෙනෙන තෙන තෙන තෙනෙන තෙන තෙන තෙනතෙනා


"Pahatharata yaaga gee" in sinhala. (පහතරට යාග ගී )

There are three types 

  1.  දස පෙරුමන් බලෙන් මුනිදු 
  2.   දස බිම්බර මරුන් බිදා
      බස වතු ගෙන දින දින මෙහි 
      කත දෙස් එ බලෙන් එදා 
      යස තුන් ලොව පැතිර මුනිදු 
      දෙසුවේ ඊ දහම් කදා 
      දොසර සත් දවසට කවි 
      කියමි සුගත් බලෙන් එදා 
      මසතු වෙසක් ලකන කුජ දින 
      පුර්ණ දිසා දස නැකතට 
      සුගත් මුනිදු වැඩ හිද සත් 
      දවසක් හිදු සාසන පිට 
      දෙසත් දහම් තුන්ලෝ සව් 
      සතුරන් එතෙර කරන ලෙසට 
      එසත් දිනට මුල් රිවි දින 
      දොස හැර සෙත් සෙවන්හදට
2.  රැගත් කදවන් වයබ කොන ගෙන දිඋල් විමනක වෙසෙන්නා 
  ගතත් සුදු පෑ තොම අතු පිට උදු කිරෙන් බත් බෝජනා
  උසස් පසළොස් ගව්ව මැවෙමින් රසාවද දස වරුසිනා
  දොසත් දුරුවෙයී  ඔබගේ කුස තුල බඩ වැලේත් සදු බලලේනා  
  
  අරා දෙදෙනෙකු දිමුත් ලකුණින් 
  සුදු ගතින් පැහැයකි නිමල් 
  සර වදුරෙන් රැගෙන බෝජන 
  වෙසෙන මනහර දෙන විසල් 

  දරා සුරතින් උදුර සේමරකු 
  ඇසුර ගුරු ගිවි දෙව් ලකල් 
  නරා දික වෙනි ආතුරන්  හට 
  කෙරෙත්වා සුබ  ජය මගුල් 

  එතිනේ  සොද බෝ විමන එසනී
  ඇතිනේ පුන්කලසකි නර යහනී
  සොදිනේ ගුරු ගෙවියනි දොස හරිනී
  දෙදන දෙකින් මෙ ලෝ දුක් හරිනී

  හිස සිට දෙපයට කී කවි සංදී 
  අටවිසි මුනිදුගේ සිව්රට ලන්දී 
  අටගත් තුන් රෝද නාරද සංදී 
  අටගත් විරිපදය ගෙට සින්ඳි 
3.   දෙන්ඩ ඩෙන් දෙනන්  ඩෙන් ඩෙන් ඩේනා ඩෙනෝ
  නඩ්හෙන ඩෙන් ඩෙන් ඩෙන් ඩේනා ඩෙනෝ

  අසල ලීය ගෙන යන්තරේ කපලා 
  කොස් කණු දෙක දෙන උලුඅහු තබලා
  සුන්දර ලෙසට කපු අව්වේ දමලා
  කපු කටුවේ  සොද පදමට තබලා

  දෙන්ඩ ඩෙන් දෙනන්  ඩෙන් ඩෙන් ඩේනා ඩෙනෝ
  නඩ්හෙන ඩෙන් ඩෙන් ඩෙන් ඩේනා ඩෙනෝ

  අනේ මගේ මෙකපු ටික කපන්නට 
  පලයන් වඩු ගෙදර යන්තරේ ගේන්නට 
  වඩුරලට මම පැවතුන සොදකමට 
  දෙපියන් බෙරේ පලයන් හිමිගේන්නට 

  දෙන්ඩ ඩෙන් දෙනන්  ඩෙන් ඩෙන් ඩේනා ඩෙනෝ
  නඩ්හෙන ඩෙන් ඩෙන් ඩෙන් ඩේනා ඩෙනෝ
 
Picture
A occasion in "Kohomba Kankariya"
''Shanthi Karma Gee'' is a kind of mass to cure some disease person. ''Yaagagee'' is also related to ''Shanthi Karma Gee''. Shanthi Karma involves to prevent some disasters with the help of mass which is related to mainly god, devil and planets.This folk songs are created by some believes and thoughts of ancient people in Sri Lanka. "Shanthi Karma Gee" is caused to flexibility of sinhala folk songs."Shanthi Karma Gee" includes "Udarata Kohomba Kankariya" which is related to coconut flower in madipure shanthikarmaya. Also this type of folk song includes "Kohomba Hella","Pahatharata Giri Devi Gee" and "Pahatharata Rathnawalli Gee"."Pahatharata Giri Devi Gee" is a traditional dance in "Pahatharata Garamaduwa Shanthikarmaya". In the ancient time a beautiful princess who called "Giri Deviya" prisioned in top of a huge rock. "Pahatharata Rathnawalli Gee" is related to traditional dance in pahatharata. In the ancient time a beautiful princess who called "Rathnawalli" was a daughter of king "Parakumba".This folk song expresses the beauty of this princess.

"Shanthi Karma Gee" in Sinhala.( ශාන්තිකර්ම ගී )

සුවද පැනින් හිස නාවා ගන්නේ
සුවද දුමට අත පාවා ගන්නේ
සුවද සදුන් ඇග ගල්වා ගන්නේ
ඒසද දෙවරක් අතට වඩින්නේ

"Udarata Kohomba Kankariya" in Sinhala

පිය පත්‍ර පති නෙව
රිදිගුදු ඇමති නේය
හිරි මල් පති නේය
නිති අප රකි නේය

වීර මුල රජු නේය
කෙල එඩ හරි නේය
හිම තුල සක්මන
බහුවිවල්ලය

දහසක්න වැඩ වන
දිවස මුලුල්ලා
වරද සමාවන්
දුටු මිනි පල්ලා

මම නමදින පත්
පැතීමේ සියල්ලා

ඉරට කිළුටක් අත්දෝ සාමිනි
සදට  කිළුටක් අත්දෝ සාමිනි
මලට  කිළුටක් අත්දෝ සාමිනි
කිසි  කිළුටක් නැති පත්තිනි  සාමිනි

ඉරට කිලුට නම් ගිරවා සන්ඳා
සදට කිලුට නම් සාවා පලන්ඳා
මලට  කිලුට නම් බඹරා සන්ඳා
පත්තිනි කිලුටයී  පා ලග සන්ඳා

විරමුල දෙවියෝ  වඩින්න
සන්දි නහර චලිත වන්ට
සියලු රෝග දුරු කරන්ට
මල් කෙළියට වරම් දෙන්ට

පත්තිනි දෙවියෝ  වඩින්න
සන්දි නහර චලිත වන්ට
සියලු රෝග දුරු කරන්ට
මල් කෙළියට වරම් දෙන්ට

කොසබෑ දෙවියෝ  වඩින්න
සන්දි නහර චලිත වන්ට
සියලු රෝග දුරු කරන්ට
මල් කෙළියට වරම් දෙන්ට

රජ කුලයට කී පදයද
බමුණු කුලයට කී පදයද
වෙළද  කුලයට කී පදයද
ගොවි  කුලයට කී පදයද

රජ කුලයට සත් පදයයි
බමුණු කුලයට පස් පදයයි
වෙළද  කුලයට තුන් පදයයි
ගොවි  කුලයට එක  පදයයි

රජ කුලයට මොනමලදා
බමුණු කුලයට මොනමලදා
වෙළද  කුලයට  මොනමලදා
ගොවි  කුලයට මොනමලදා

රජ කුලයට රනින මලයී
බමුණු කුලයට රිදී මලයී
වෙළද  කුලයට තබින් මලයී  
ගොවි  කුලයට එපුල් මලයී

"Kohomba hella" in sinhala

පැරිය වෙත පමින්නෙන ලෙඩ දෝ සා දුකක් යේ
ආ ආ ආ ආ ආ ආ........
පිරිය වන රස කැවිලි නන්ටා කාකා යේ
ආ ආ ආ ආ ආ ආ........
ගෙරි සිරි තන පුඩු පාලු වෙලා යේ
ආ ආ ආ ආ ආ ආ........
සරිව ගොස් දස මස බඩ පුරා යේ
ආ ආ ආ ආ ආ ආ........
ඉනේ සවිදි රන් කෙදි ලන්
පයී ගිගිරි වළලු රවන්
මෙසේ කොමල බොලද ලියන්
අනේ වල්ලි  දුටොත් කියන
අක්කයී කී නාඩන්නේ එන්නන ගොසින් අපි එන්නේ.........
දුකක්ම සිත නොසිතන්නේ
දක්ක්මොත් නැත ඔසමුන්නේ......

"Pahatharata Giri Devi Gee" in sinhala

සරි සොදට බැදී වරලස දිලෙන්නේ 
නෙරිය තියලා සෙලය්ආ අදින්නේ
 
රනින් රිදිය මුතු හැර ලෙල දෙමිනේ 
ගිරි දේවිය උපතයී  මම කියන්නේ...........//
 
මයුර  පිලසේ බැදි කොණ්ඩය යස රුවට
දෙපියුරු  වසා රන් පටියකි ළමැද වට

සිරිකත පරදවන රූ සපුවකි ඇයට
ආදර වඩන ගිරි දේවිය එයී සබට ............//

වානු බැරිය සීතලද ගිරි දෙවි හට
දෙනු හංස පටි සේමය ලමැද පිට

පේනු වෙලා එනවා සිත නුරාවට
ගෑනු කිව්වා තතු මින් නල කුමරු හට .......//

"Pahatharata Rathnawalli Gee" in sinhala

නිබර නිල් රුකට නැගල උන්නු ලියේ
නිබර නිල් වරල ගවසා බැන්ද ලියේ
නිබර ඒ අතු පැහැ ගත් ලාපු ලියේ
නිබර තෙලබුවෙන් නව රත්නවල්ලියේ.........//

ඇත සිටන් එන්නේ සෙල්ලි සෙල්ලියේ
මෑත සිටන් එන්නේ සෙල්ලි මෙල්ලියේ
කරේ බැන්ද පවලන් පට නොසෙල්ලියේ
පැරකුම් රජුගේ දුව නව රත්නවල්ලියේ.........//

සීත සුලන් සළු පොලියට  ඇන්ද ලියේ
පීත කරන රෝ  දුක් ලෙඩ නැතිද ලියේ
රසි ගණන්  මුතු මාලා ඇන්ද ලියේ
ගාථා අසන්නට වර  රත්නවල්ලියේ.........//








 
Picture
"Samanala kanda"
Not only in the ancient time but also today people who visit Sri paada sing "Thun Sarane Kavi" with great pleasure and faith.The mountain of Sri paada is one of the rare place that people of four major regions in the world worship.The pilgrims who visit Sri paada such as young and old both sing "Thun Sarane Kavi".It has our Sinhalese majesty. In the past sinhala  people sang these "Thun Sarane Kavi" to expressing innermost feeling and faith. 

"Thun Sarane Kavi" in Sinhala

බුධ්ධාන්  සරණේ   සිරස දරා ගෙන .......//
ධම්මං   සරණේ සිත පහදා ගෙන.......//
සංඝං   සරණේ සිව්රු දරා ගෙන.......//
එන්නයී   සරණේ අදහා ගෙන.......//

සීත ගගුලේදී අද       පේවෙනවා 
එතැනදී සමහරු පඬුරු    බදිනවා 
කෝඩු කාරයෝ ඉස්සර  වෙනවා 
සමන් දෙවිදුනී අප රැක  දෙනවා 

සරණයී  සරණයී  බුධ්ධo  සරණයී..........//
සරණයී  සරණයී  ධම්මං  සරණයී..........//
සරණයී  සරණයී   සංඝං   සරණයී..........//
සරණයී සරණයී   මේතුo සරණයී..........// 

    Content of this page:-

    Picture
    1) "Yaagahoma kavi"
    Picture
    2) "Shanthikarma kavi"
    Picture
    3) "Thunsaranaya kawi"

    Author

    Peeping to the hidden charming of Sri lankan folk.

    Archives

    August 2012

    Categories

    All
    Cultural
    Education
    Sociology

    Picture




    ශ්‍රී ලංකාවේ අතීතයේ සිට පැවත එන කෙම් ක්‍රම පිළිබඳව අධ්‍යනය කිරීමට ඉහත වෙබ් අවකාශයට මෙතනින් පිවිසෙන්න.:-click here


UA-37306614-1