Picture
It is well known fact that astrology,chams,& amulets have been used by our forefathers for a long time.They were spent their lives according to the word of Lord Buddha and astrology were used only to have a successful life. It is a traditional custom that the beginning of a work at a auspicious time.Still it is not revealed completely that the books which were used to teach the students in the past.But according to the "Bamunasa" method ,the "Gana devi halla" has been used at the beginning of the day. The author of the book is still anonymous ,there is a hypothesis that this book was written after the invasion of Portuguese.

"Gana Devi Halla" (ගණදෙවි හෑල්ල)
ගණපති දෙති නුවණ
මිහිකත රකියි මෙ දෙරණ
දෙන්නේ මට නුවණ
අසන් දෙවියනි මේ දේවගණ

ගනඳුරු දුරලවන්
නුවනින් නිපුණ කරවන්
මෙ නරලොව දිනවන්
සසිරි ගණදෙවි නුවණ මට දෙන්

පුදම් ආලංගා
සිතසේ කෙරෙයි අංගා
මව ද උමයංගා
වඳිම් ගණදෙවි දොහොත් නංගා

ගණදෙවියන් නුවණ දෙන්න
සරස්වතී පහළ වන්න
සියලු රෝග දුරු කරන්න
නිතර වඳිම් තුනුරුවන්න

සූරිය කුල තෙද උතුමා
පෑවිය සක්වලට හැමා
කාරිය සිතුවාට තමා
සූරිය දෙවි නමෝ නමා

ඊශ්වරා ලෙසින් තමා
ශාස්තරා දී නො පමා
ආස්පුරා ඇවිද නමා
භාස්කරා නමෝ නමා

චන්ද්‍ර සහෝදර උතුමා
චන්ද්‍ර කටක පැවති තමා
සව්සිරි දී රකු මෙ තුමා
චන්ද්‍ර සුරිඳු නමෝ නමා

නිත්ත ඇවිද මෙර වටමා
සිද්ද කරන ලොවට හැමා
උත්තම ගුණ නුවණ නමා
සත්තලෝක නමෝ නමා

ඔදැති තෙදැති සමාගමා
අරිති අරිති අඳුර තමා
දෙවති දෙවති නුවණ තමා
ජයතු ජයතු නමෝ නමා

ගණිසුරු මහසෙන් කන්දා
ගෙන අඩයටි සුරතින්දා
දෙමි කී අඹපල සන්දා
මෙ විකුම් කුමරුගෙ කන්දා


ඉසුරු උමා කී බසෙකින්
මයුරාසන පිට නැගෙමින්
සක්වල වට දිවි සැනෙකින්
සරණත කර මම නමදිම්


Read more:-ගණ දෙවි හෑල්ල
malsha
5/21/2015 09:50:26 pm

Reply



Leave a Reply.


UA-37306614-1