Picture
Olinda poruwa
Olinda Keliya is also popular among women who live in rural villages.Normally those women engage this game at evening after finishing their daily works."Olinda poruwa" and "olinda seeds"are used for this game.The poems which are recited by women during Olinda Keliya are called as "Olinda Keli gee".

ඔලිඳ තිබෙන්නේ කොය් කොය්           දේසේ
ඔලිඳ තිබෙන්නේ බංගලි                     දේසේ
ගෙනත් සදන්නේ කොය් කොය්          දේසේ 
ගෙනත් සදන්නේ සිංහල                    දේසේ

ඔලිඳ වපුරුවට බල කොය්                 නෑනෝ
එක් පෙති වෙච්චද බල කොය්           නෑනෝ
දෙපෙති වෙච්චද බල කොය්              නෑනෝ
තුන් පෙති වෙච්චද බල කොය්           නෑනෝ 

රැන් අදිච්ච්ද බල කොය්                    නෑනෝ
ගසට පලච්චද බල කොය්                  නෑනෝ
මල් හට ගත්තද බල කොය්               නෑනෝ
පලු හට ගත්තද බල කොය්                නෑනෝ

කිරිසල් වෙච්චද බල කොය්               නෑනෝ
ඔලිඳ පහිච්චද බල කොය්                  නෑනෝ
මගට කන්න බත් බැඳගන්                  නෑනෝ
ඔලිඳ කඩන්නට අපි යමු                   නෑනෝ

ඔලිඳ කඩන්නට මොකක්                ගෙනෙන්නේ
රත්තරනින් රන් කෙක්ක                ගෙනෙන්නේ
කෙක්ක තනන්නට මොකක්           ගෙනෙන්නේ
රත්තරනින් රන් ගිරේ                     ගෙනෙන්නේ

කෙක්ක වෙළන්නට මොකක්         ගෙනෙන්නේ
රත්තරනින් රන් කෙන්ද                 ගෙනෙන්නේ
ඔලිඳ නෙලන්නට මොකක්             ගෙනෙන්නේ
රත්තරනින් රන් පෙට්ටි                  ගෙනෙන්නේ

හතේ මුලට මුල වල                    කෙළපන්නේ
අතේ ඔලිඳ තොර නැතුව                කෙළින්නේ
නෙතේ බැල්ම තොර නැතුව              බලන්නේ
දෙන්න දෙපිල ඉඳ ඔලිඳ                 කෙළින්නේ

දොඩම් කපාලා ඇඹුල් තනාලා
නාන්න යන සැටි බලන්                      කලූ
සෙලෙ ඇඳලා නෙරිය තියලා
මිදුලේ සක්මන් කරය්                         කලූ
දහසක් දීලා වළලු තනාලා
දෑතේ අතලා බලය්                             කලූ
දුනුකේ මල සේ උලුගෙය් ඇඳ පිට
ඔලිඳ කෙළින හැටි බලන්                   කලූ

කෙළිමු ඔලිඳ අපි දෙපිල              බෙදීලා
කියමු අමුතු රස බස්                   අඟවාලා
බලා මදෙස දැක බැරි                 පිටිපාලා
පිරිමි සිටිති කීව් දෙපස                බෙදීලා
 

 
ramani
6/2/2016 06:08:05 am

superb

Reply
1/30/2019 08:24:49 am

Supiri good luck

Reply
d
4/30/2021 11:36:13 pm

good

Reply



Leave a Reply.


UA-37306614-1