Picture
Mewara keliya
Mewara Keliya is a folk game which is done by only women."Mewaraya" is a woman's jewellery.

Mewara Keliya in Sinhala(මේවර කෙළිය)
 
සාර සදිසි පෙති පේර නෙලන කල
වලගියදෝ මගේ මේවරයා......
නෑනෝ නුඹ පල් නුඹේ දරුවන් පල්
අප දුටුවේ නැත මේවරයා......

කොස් වතු කන්දේ කොස් කඩනා දා
වලගියදෝ මගේ මේවරයා......
නෑනෝ නුඹ පල් නුඹේ දරුවන් පල්
අප දුටුවේ නැත මේවරයා......

කොටන පොලන කොට පොල් අඹරන කොට
වලගියදෝ මගේ මේවරයා......
නෑනෝ නුඹ පල් නුඹේ දරුවන් පල්
අප දුටුවේ නැත මේවරයා......

කැලේ ගොසිල්ලා දර කඩනා කල
වලගියදෝ මගේ මේවරයා......
නෑනෝ නුඹ පල් නුඹේ දරුවන් පල්
අප දුටුවේ නැත මේවරයා......

නෑමට ගොස් එම නාන කලේදී
වලගියදෝ මගේ මේවරයා......
නෑනෝ නුඹ පල් නුඹේ දරුවන් පල්
අප දුටුවේ නැත මේවරයා......

අල වතු කන්දේ අල කොටනා දා
වලගියදෝ මගේ මේවරයා......
නෑනෝ නුඹ පල් නුඹේ දරුවන් පල්
අප දුටුවේ නැත මේවරයා......

සාර සදිසි පෙති .............



Comments are closed.

UA-37306614-1